සිය රථයේ ගැටී මිය ගිය තරුණයා සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
“මම මේ ගැන වැඩිය කතා කරන්න කැමැති නැහැ. එදා තුන්වෙනිදා කන්තලේ, අපේ ගොවි සමුළුව පවත්වලා තමා පිටත් වෙලා ආවේ. මහවැස්ස. පාන්දර 2.30ට වගේ මගේ රථයේ බයිසිකලයක් ගැටෙනවා. පොලිසියට කලින්. මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වලා තියෙනවා.
විශේෂයෙන් ම මිය ගිය තරුණ දරුවා ගැන විශාල වේදනාවක් කනගාටුවක් තියෙනවා. මම මේ ගැන කතා කරන එක සුදුසු නැහැ. ඒ පවුලේ අය සහ පොලිසිය තමා මේකට උත්තර දෙන්න ඔනේ. සමාජ මාධ්‍ය මේ සම්බන්ධයෙන් මට මඩ ගහනවා. මේ සම්බන්ධව මම අඩුම ගාණේ, ඒ දෙකහාමාරෙන් පස්සේ දවස් හතක් ද හයක් ද යනකම් නිට්ටඹුව පොලිසියටවත්, පොලිස් අධිකාරිවරයාටවත්, එතැනින් උඩ DIG කෙනෙකුටවත්, IGටවත් කෝල් එකක්වත් දීලා නැහැ.
ටිරාන් අලස් ඇමතිතුමාටවත් මම කෝල් එකක් දීලා නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ බලය තියෙන්නේ නිට්ටඹුව පොලිසියට. ඔවුන් කටඋත්තර අරන් තියෙනවා. ඒ දරුවා එක්ක තවත් මෝටර් සයිකලයක් සහ කාර් එකක් ආවා.
ඒ අයගෙන් කටඋත්තර අරන් තියෙනවා. ඉතිං, ඒ කටඋත්තර බලලා තීන්දු කරන්න මොකක්ද වුණේ කියලා. ඒ ගැන මම කතා කරන එක ප්‍රතිචාර දක්වන එක ඒ මිය ගිය දරුවාට කරන අසාධාරණයක්. පොලිසියෙන් අහන්න. ඒ පවුලේ අයගෙන් අහන්න.
ඒ සිදුවීම ගැන විශාල වේදනාවක් තියෙනවා. ඉතාම ලොකු වැස්සක්. සමහරු කිව්වා වේගයෙන් ඇවිත් කියලා. ඒ වැස්සේ කියන තරම් වේගයෙන් යන්න බැහැ.
අපි ගමන් කළේ, අපේ මං තීරුවේ. සිද්ධිය වෙලා විනාඩි දෙකක් යන්න කලින් පොලිස් නිලධාරියෙක් එතැනට ආවා. නිට්ටඹුව පොලිසියෙන් මේ ගැන විමසන්න. මම ඒ දරුවා ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.”
