Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෙංගු රෝගය පාලනය කළ නොහැකි මට්ටමක! දිස්ත්‍රික්ක 7ක අවදානමක!

2 years ago

රට පුරා ඩෙංගු උණ රෝගය පැතිර යාම තවදුරටත් පාලනය කළ නොහැකි මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ ගෙවී ගිය සතිය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම සියයට 12.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 46.3ක වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

ඒ අතරින් සියයට 8ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ නාගරික බල ප්‍රදේශයෙනි.

ගම්පහ 13.8%ක්, කළුතර, 5%, රත්නපුරය 12.4%, මහනුවර 9.8%, කුරුණැගල 5.5%, සහ ගාල්ල 4.5%, ආදි වශයෙන් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය හඳුනාගත හැකි බවද එම ඒකකය පවසනවා.