කළුතර, ගමගොඩ ප්රදේශයේ ඊයේ (15) රාත්රියේ පැවති සංගීත ප්රසංගයක් අතරතුරදී තරුණයෙකුගේ ගෙල කපා ඝාතනයක් සිදුකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයා ඔහු සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලා සේවය කරන තරුණියක සමග එහිදී නර්තනයේ යෙදී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් උරණ වූ අදාළ තරුණියගේ ස්වාමියා නර්තනයේ යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක් වූ තරුණයා සමඟ නර්තනයේ යෙදී සිටි තරුණිය සැකකරු සමග විවාහ වී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඇති වූ පවුල් ආරවුලක් මත ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවද සදහන් වනවා.


