Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමා ආණ්ඩුවක් යටතේ පත් කරන කැබිනට් ඇමතිවරු ගණන ගැන හෙළිදරව්වක්

2 years ago

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් මණ්ඩල සාමාජිකයින් 25කට සීමා විය යුතු බවට ප්‍රතිපත්තියක් සකසා  ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යංශ හෝ ආයතන අතර කිසිදු ගැටලුවක් හට නොගන්නා ආකාරයට විද්‍යානුකූල ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

රට දිනන මග මැයෙන් පසුගියදා බණ්ඩාරගමදී පැවති ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුවට එක්වෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා සිටියා.

ඒ සදහා පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින්,  ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වුණා.