අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර, ඒ අනුව ඉදිරියේදී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔහු කරුණු දක්වා සිටියේ විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවලදී පන්ති කාමරය තුළ අධ්‍යාපනය ලබන අතරවාරයේ උපයාගත යුත් බවයි.
එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත්, අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු කෙරෙන බවත්ය.
නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකල නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.


