පසුගියදා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගී වීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමිනි.
“මට රැස්වීමට ආරාධනා කළා, ඒ නිසා මම එය පිළිගත්තා. මම වෘත්තීය ගායකයෙක්, ඒ නිසා මට රඟපාන්න හෝ ගීත ගයන්න ආරාධනා කළොත් සියලුම දේශපාලන පක්ෂ වෙනුවෙන් මම ඉදිරිපත් වෙනවා”
“මට දැන් ප්‍රජා අයිතිය නැති නිසා මම ගායනය සහ රංගනය විතරයි කරන්නේ. සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායම් මීට කලින් පොරොන්දු වුනා මගේ ප්‍රජා අයිතිය යළි ලබා දීමට කටයුතු කරනවා කියලා, නමුත් දැන් කතා කරන්නේ නැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.“


