Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බඳින තුවක්කුව පත්තු වී මුරකරු මරුට

2 years ago

මන්නාරම, සිලාවතුර පරප්පකණ්ඩාල් හි කජු සංස්ථාවට අයත් ගොවිපොලේ මුරකරුවකු එහි රාජකාරී කරමින් සිටියදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මියගොස් අ‍ැතැයි සිලාවතුර පොලිසිය පවසයි.

රාජකාරී කරන අතරතුර කැළෑව සහිත ස්ථානයක් අ‍ාසන්නයෙන් ගමන් කිරීමේදී බඳින තුවක්කුවේ මරුවැල පෑගී ක්‍රියාත්මක වීමෙන් මුරකරු එලෙස මියගොස් අ‍ැති අතර එලෙස මියගොස් අ‍ැත්තේ මන්නාරම උයිලන්කුලම, පරප්පකණ්ඩාල් පදිංචි 44 හැවිරිදි අයෙකි. 

බඳින තුවක්කුව පත්තුවීමෙන් මුරකරු බරපතල තුවාල ලබා සිලාවතුර රෝහලට අ‍ැතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් අ‍ැති බවයි. 

බඳින තුවක්කුව අ‍ටවන ලද පුද්ගලයා මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.