මහනුවර – පිළිමතලාව ප්‍රදේශයේ මල්ගම්මන ගම්මානයේ නිවසක වගා කර තිබූ කිලෝග්‍රෑම් 44ක් පමණ බරැති විශාල මඤ්ඤොක්කා අලයක් ගලවා තිබෙනවා.
මෙම වගාව සිදුකර ඇත්තේ 63 හැවිරිදි වියෙහි පසුවන විශ්‍රාමිකයෙක් වන සුඛසිරි විජේසුන්දර මහතායි.
ඔහු එදිනෙදා ජීවිතයට අවශ්‍ය පෝෂ්‍යදායී එළවළු ලබා ගැනීමේ අරමුණින් මෙන්ම ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණින් ගෙවතු වගාව සිදු කරන බවයි පැවසෙන්නේ.
ඔහු මීට වසරකට පමණ රෝපණය කළ කිරි කවඩි නම් ප්‍රභේදයේ රිකිල්ලක අලයක අස්වැන්න නෙලා ගැනීමේ දී එය විශාල අලයක් බවට පත්ව ඇති බවත් වාර්තා වනවා.


