එංගලන්තයේ ව්‍යාපාරිකයෙකු ඇපල් සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ව්‍යාපාරිකයා මෙලෙස ඇපල් සමාගමට එරෙහිව නඩු පැවරීමට හේතුව ඔහු සිය iMac උපාංගය හරහා යැවූ පණිවිඩ, පසුව නැවත මකා දැමුවත් ඒවා ඔහුගේ බිරිඳ විසින් යළි සොයා ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින්,
නම අනාවරණය නොකරන ලද එම ව්‍යාපාරිකයා සිය ඇපල් උපාංගය මගින් ලිංගික ශ්‍රමිකයන් කිහිප දෙනෙකු සමග iMessage හරහා සන්නිවේදනයේ යෙදී ඇති අතර පසුව ඔහු ඒවා ස්ථිර වශයෙන් මකා දමා තිබුණා.
නමුත් ඔහු මකා දැමූ පණිවිඩ සිය බිරිඳ නැවත වතාවක් කියවීමෙන් පසුව ඔහුව දික්කසාද කර ඇති අතර ඔහු ඇපල් සමාගමට චෝදනා කරන්නේ, ඔහු ඒවා මකා දැමුවත් බිරිඳ නැවත වතාවක් ඒවා කියවූයේ කෙසේ ද යන්න ප්‍රශ්න කරමින්.
අදාළ ව්‍යාපාරිකයාගේ පවුල එකම Apple ID එකක් හරහා විවිධ ඇපල් උපාංග සමග සමමුහුර්ත (synchronisation) වී තිබී ඇති අතර ඔහු නඩුව ගොනු කරමින් පවසන්නේ, එක් උපාංගයකින් පණිවිඩයක් මකා දැමීම එය සම්බන්ධිත සියලුම උපාංග වලින් එය ඉවත් නොකරන බව Apple සමාගම පරිශීලකයින්ට දැනුම් නොදුන් බවයි.
කෙසේ නමුත් අදාළ සිද්ධියෙන් පසුව ඇය ගොනු කළ දික්කසාද නඩු ක්‍රියාදාමයට ඔහුට පවුම් මිලියන 5කට වඩා වැඩි මුදලක් වැය වී ඇති බව ද එම මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව අදාළ ව්‍යාපාරිකයා ඇපල් සමාගමට එරෙහිව පවුම් මිලියන 5ක් වන්දියක් ඉල්ලමින් නඩු පවරා ඇති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.(hiru)


