Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

2 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකමේ තෙවන වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළකිරීමට නියමිතය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සතිය තුළ පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.