පොසොන් සතිය අදින් (18) ආරම්භ වන අතර එය ලබන 24 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ, මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවත් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති අතර ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 4500ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.


