Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද සුළඟට පසු නුගේගොඩින් අද ඇරඹෙන අලුත්ම දේශපාලන සුළඟ

2 years ago

සර්ව ජන බලය නව දේශපාලන සන්ධානයේ මංගල ජන රැලිය අද නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.

එම සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඉල්ලා සිටියේ ඔබත් 69 ලක්ෂයෙන් කෙනෙක් නම් අද නුගේගොඩට පැමිණෙන ලෙසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69 ක ජනතාවගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් අය බලය ලබා ගැනීමට බලය ඇති තැන් සමඟ එකතු වුවද ජාතික කඳවුර සහ ජාතික බලවේග නොනැසී පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

2020 දී ජනතාව ලබා දුන් ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ ජාතික අභිලාශ පාවාදෙමින් සිටින බවටයි එම සන්ධානය චෝදනා කරන්නේ.