Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විවාහ වී දින 4න් 20 හැවිරිදි මනාලිය පැරණි පෙම්වතා සමඟින් පැන ගිහින්

2 years ago

විවාහ වී දින 4කට පසු පැහැරගෙන ගිය බව කියන 20 හැවිරිදි මනාලිය මොරටුව ප්‍රදේශයේ නිවසක සිටියදී ඊයේ (17) සොයාගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසනවා.

මනාලිය පැහැරගෙන ගියේ යැයි කියන මොරටුව ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණිය මිදුල අතුගාමින් සිටියදී පැහැර ගැනීමට ලක්වී ඇති බවට ඇයගේ පියා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණු අතර ඒ අනුව සිදු කල විමර්ශණවලට අනුව මෙම තරුණිය හා අදාළ තරුණයින් දෙදෙනා සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකු මෙම තරුණියගේ කලින් පෙම්වතා යැයි පොලිසිය පවසනවා.

අදාළ තරුණිය හා තරුණයා කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර ඇයගේ දෙමව්පියන් ඊට විරුද්ධ වී වෙනත් විවාහයක් මීට දින හතරකට ඉහතදී සිදු කර දී තිබෙනවා.

තමන්ගේ දැඩි අකමැත්ත මත දෙමවුපියන්ගේ බල කිරීමට වෙනත් තරුණයෙකු හා විවාහ වූ බවත් තමා මොරටුවේ පෙම්වතා සමඟ සිය කැමැත්තෙන් පලා ගිය බවත් ඇය පවසා ඇත.

අදාළ තරුණිය සහ තරුණයින් දෙදෙනා මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව තරුණියගේ දෙමව්පියන්ද කැඳව මේ සමබන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

සිදුවීම සමබන්ධයෙන් තබුත්තේගම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.