Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උතුම් මව් පදවියට නිගා දෙන පුවතක්! තම දියණියන් දෙදෙනාගේ නිරුවත් ඡායාරූප මුදලට අලෙවි කළ මවක් අත්අඩංගුවට!

2 years ago

තම දියණියන් දෙදෙනාගේ පියයුරු හා රහස් ප්‍රදේශ වීඩියෝ කොට තරුණයින්ට එම දර්ශන අලෙවි කළ මවක් පිළිබඳ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පුදුකුඩි ඉරිප්පු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකාර මව පුදුකුඩි ඉරිප්පු පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී එම දර්ශන දැක ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා.

ඇය පොලීසියට පවසා ඇත්තේ වැරදීමකින් ජංගම දුරකතනය ක්‍රියාත්මක වීම නිසා ඡායාරූප හා වීඩියෝ එහි රූගත වී ඇති බවයි.

ඇයව පුදුකුඩි ඉරිප්පු පොලිසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයාට හමුවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එහිදී නඩුව අවසන්වන තුරු දියණියන් දෙදෙනා සුළු මවගේ භාරකාරීත්වයට පත් කරන ලෙසත්, ඊට පෙර එම දැරියන් දෙදෙනාව මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කොට පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කර තිබෙනවා.

අදාල මව මේ මස 25 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.