Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි! පාසල් සිසුන් ඇතුළු 30ක් රෝහලට!

2 years ago

කඩුවෙල – රනාල ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බෝමිරිය විද්‍යාලයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි සිසු සැරිය රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (19) දහවල් 2ට පමණයි මෙම අනතුර සිදුව ඇත්තේ.

සිසු සැරිය බස් රථය ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එම බස් රථවල ගමන් ගත් සිසුන් 27 ඇතුළුව පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයේ කොන්දොස්තරවරයා බස් රථයක් ඉදිරිපස දොර අසල සිරවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන නවගමුව රෝහලට ඇතුලත් කර තිබේ.

රෝහල්ගත කළ ළමුන් අතුරින් 21දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත් තවත් පාසල් ළමුන් 06 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් නවගමුව දිසා රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

හංවැල්ල පොලිසිය පැවසුවේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.