Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන හිමියන්ට ලබා දෙන දන්සල

2 years ago

පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් අද (19) ආරම්භ කර තිබුණි.

අද සහ හෙට (20) නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන  කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මෙය පැවැත්වෙයි.

යතුරුපැදි, ත්‍රීරෝද රථ නොමිලේ සුසර කරදීම මෙහිදී සිදු කෙරෙයි.

ශ්‍රී ලංකාවේ භාවිතා වන වාහන අතර යතුරු පැදි හා ත්‍රී රෝද රථ වැඩි ප්‍රමාණයක් පවතින බවත් ආර්ථික අපහසුතා හේතූවෙන් ඔවුන් තම රථ සුසර කර ගැනීමට උනන්දුවක් නොදක්වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසනවා.

එමගින් නිකුත් වන විෂ දුම පරිසරයට ඉතා හානිකර බැවින් ප්‍රවීණතම මෝටර් රථ අලුත්වැඩියා කරන්නන් යොදාගෙන මෙම වැඩසටහන සංවිධානය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.