Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩු පොළියට ණය ලබාදීමට අලුත්ම බැංකුවක්! සහනය හිමිවන පිරිස මෙන්න!

2 years ago

මෙරට කර්මාන්තකරුන්ට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලිසය ණය ලබා ගැනීමට අවස්තාව සැලසෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම එම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිසමක්ද ඇති කරන බව ඔහු සඳහන් කරනවා.

මේ අතර සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක්ද පිහිටුවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ මෙරට ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය ඊයේ (19) විවෘත කරමින්.