රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට හෝ වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙම වසරේදී මුදල් වෙන්කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යංශය දන්වා ඇති බව වාර්තා වේ.
ඒ වැටුප් ඉහළ දැමීමට හෝ වැටුප් විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය වන ප්‍රමාණවත් මුදල් සංචිත නොමැති වීම හේතුවෙනි.
වැටුප් ඉහළ දැමීම මෙන්ම වැටුප් විෂමතා ඉවත් කිරීම යන යෝජනා පිළිබඳව ලබන වසරේ අය වැය තුළින් සලකා බලන බවයි වාර්තා වන්නේ.


