Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්බොන පියවරුන්ගේ දරුවන්ට ශ්වසන රෝග වැළඳීමේ අවදානමක්

2 years ago

වැඩිහිටියන් දුම්පානයට ඇබ්බැහි වී ඇති නාවසවල දරුවන්ට හතිය ඇතුළු ශ්වසන රෝග වැළඳීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර ලෙස ඉන්හේලර් භාවිතය වෛද්‍යවරුන් විසින් නිර්දේශ ඛලත් ඇතැම් දෙමාපියන් දරුවන් එයට ඇබ්බැහි වනු ඇතැයි බිය සැක බළ කරන බවත් එය එසේ වෙන අතර සැබෑ ගැටළුව වැඩිහිටියන් දුම්පානය කිරීම බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

පවතින වැසි සහ කාලගුණික තත්ත්වය නිසා සීතල වැඩිවීම හේතුවෙන්ද කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් උණ මෙන්ම ළමා හතිය ද වැඩි වී ඇති බව දෛනික රෝහල් වාර්තා මගින් තහවුරු වී ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.