තමා නිවසේ නොසිටි අවස්ථාවක තමාගේ නිවසේ තිබූ අල්මාරි, ඇඳ, පුටු ඇතුලු සියළුම බඩු අතුරුදන්ව ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය වෙත පුද්ගලයෙකු පැමිණ පැමිණිලි කර තිබෙනවා.
පසුගිය දිනෙක මෙම පැමිණිල්ල ලැබී ඇති අතර එහිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර පරීක්ෂණ පවත්වන අතරවායේදි පැමිණිලිකරුගේ පුතා විසින් ලියන ලද ලිපියක් එම නිවසේ තිබී පොලීසියට හමුව තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ “තාත්තේ මට හොඳ කෙල්ලෙක් සෙට්වුණා මම එයත් එක්ක පදිංචියට යනවා. ඒ ගෙදරට බඩු මුකුත් නැති නිසා මෙහේ තියන බඩු මම අරන් යනවා” යනුවෙනි.
මෙම පුතා විවාහකයෙකු වන අතරම එම විවාහය කැඩී තනිකඩවම සිටි අයෙක් බවයි වාර්තා වෙන්නේ.
පොලීසිය විසින් පසුව අදාල පුතාව අත්අඩංගුවට ගෙන ඇති අතර සොරාගෙන ගොස් තිබූ භාණ්ඩය සියල්ලම පාහේ සොයා ගැනීමටද පොලීසිය සමත්ව තිබෙනවා.
එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට වැඩි වටිනාකමින් යුත් බවයි පැවසෙන්නේ.
එමෙන්ම එම භාණ්ඩ වලින් කොටසක් ද රුපියල් හතලිස්දහසකට විකුණා තිබියදී ද පොලීසිය සොයාගෙන තිබෙනවා.
එමෙන්ම එක් විදුලි පංකාවක් ඔහු වැඩ කරන බාබර් සාප්පුවටද විකුණා තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එම නිවසේ පරණ මෙට්ටයක් පමණක් ඉතිරි කොට අනෙකුත් සියළුම භාණ්ඩ ඔහු විසින් ලොරි රථයක පටවා රැගෙන ගොස් තිබූ බවයි පොලීසිය පවසන්නේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින අදාල 31 හැවිරිදි මෙම පුත්‍රයා පියාද රවට මෙම සොරකම සිදුකර ඇති බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කර තිබෙනවා.


