පොසොන් උත්සවය සඳහා මෙවර මිහින්තලා පුදබිමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අවධාරණය කරති.
පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ට යම් සිර්මක්වත් හෝ සිදු වුවහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම රජය භාරගත යුතු බවත්, එසේ වගකීම භාර නොගත්තත් අනාගතයේදී ඒ සඳහා පිළිතුරු දිය යුතු බවත් එහිමියෝ අවධාරණය කරති.
අක්කර විශාල ප්‍රමාණයක් තිබෙන මිහින්තලා පුණ්‍ය භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්වත් පිරිසුදු නොකරන බවත්, ඒ සඳහා පහළ නිලධාරීන් වගකිව යුතු නැති බවත්, ඉහළ මට්ටමේ සිටින පාලකයන් ඊට වගකිව යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරති.
මෙවර පොසොන් උත්සවයද පිණ්ඩපාතේ වැඩම කර, විවිධ ආයතන හා දානපතියන් සම්බන්ධ කර සංවිධානය කරන බවත්, එහි වියදම් පියවා ගැනීමට මිහින්තලේ නාහිමියන් පාවිච්චි කරන ලද කාර් රථයද විකුණු බවත් එම මුදල්ද යොදාගෙන සාර්ථක අයුරින් සිදු කරන බවත්, ඉදිවෙන මිහිඳු චෛත්‍ය රාජයන් වහන්සේගේ ධාතු තැන්පත් කරන බවත් වැඩිදුරටත් පැවසූහ.
නාහිමියෝ මෙම අදහස් පලකළේ මිහින්තලා රජමහා විහාරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


