Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි රැහැන් කණුවක් ඇඟට වැටීමෙන් 23 හැවිරිදි පුද්ගලයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම

2 years ago

විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටී පුද්ගලයෙකු ඊයේ (20) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ හඟුරන්කෙත පොලිස් වසමේ මැදගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත්, ඒවා ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී එක් විදුලි රැහැන් කණුවක් සේවකයෙකුගේ ඇඟ මතට වැටීම හේතුවෙන් මෙම මරණය සිදුව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි අඹගමුව උඩබුලත්ගම පදිංචි පුද්ගලයෙක්.

මරණකරු කොන්ත්‍රාත් පදනම මත විදුලිබල මණ්ඩලයේ සේවය කළ පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.