Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ආදාහනාගාරයක් තුළදී සමූහ දූෂණයට ලක් කළ නරුමයින් 5ක් සොයා විශේෂ විමර්ශනයක්

2 years ago

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව හංවැල්ල පොලිසිය පවසනවා.

මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් ඊයේ (21) සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය කියයි.

මෙම අතවරයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් පොසොන් පොහොය දින වූ අද උදෑසන ඇයගේ පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් පසුව පොත් කඩයකට යන බවට පුංචි අම්මාට පවසා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. (source – hiru)