පොසොන් පොහොය වෙනුවෙන් නොමිලේ ඩේටා ලබා දෙන බවට වට්සැප් ඇතුලු සමාජ මාධ්‍ය වල සංසරණය වන පණිවුඩය ව්‍යාජ සටහනක් බවට වාර්තා වනවා.
පරිඝණක හදිසි අපරාධ සංසදය පවසන්නේ එය හැකර්වරුන් විසින් ලොව පුරා සමාජ මාධ්‍ය ගිණුම් හැක් කර තොරතුරු ලබා ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණාත්මක මෙහෙයුමක් විය හැකි බවටයි.
ඒ අනුව අදාළ ලින්ක් එක ක්ලික් කිරීමෙන් නොමිලේ ඩේටා ලැබීමක් සිදු නොවන අතර පරිශීලකයාගේ ඊ මේල් ලිපිනය හා ඒ හා සබැඳි නම,වයස, රහස් අංකයන් ඇතුළු සියලු පෞද්ගලික තොරතුරු බාහිර පාර්ශවයක් වෙත විවෘත වීම සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.
එබැවින් එම ලින්ක් වෙත පිවිසීමෙන් වැලකී සිටින ලෙසයි පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දී සිටින්නේ.


