Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රකාශයට අගරදගුරු හිමිගෙන් සැර පිළිතුරක්

2 years ago

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල්වලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.

කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බ්‍රහස්පතින්දා (20) මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ කියා සිටියා.

මාධ්‍ය හමුවක් කැඳවමින් ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් විවිධ පාර්ශ්වලින් කාදිනල් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල් කිසිසේත් අවභාවිත කර නොමැති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද වනවිට දේශපාලන අතින් ඉතාමත් බංකොළොත්භාවයකට පත්වුණු පුද්ගලයෙක් බවද උන්වහන්සේ කියා සිටියා.

එතුමාගේ බංකොළොත්භාවය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර කියන්නන්වාලේ මාධ්‍ය ඉදිරියේ පවසන බවටද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා චෝදනා කළා.