Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධික උෂ්ණත්වයෙන් රටවල් රැසක පුද්ගලයින් සිය ගණනක් මිය යයි

2 years ago

උතුරු ඇමරිකාව, දකුණු සහ නැගෙනහිර ආසියාව සහ ගිනිකොනදිග යුරෝපය ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති දැඩි උෂ්ණත්වයෙන් දහස් ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් රෝගාතුරවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, දැඩි උෂ්ණත්වයක් බලපා ඇති සියලු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසුකර ඇති බවත් ඉදිරියේදී ඇතිවන දැඩි කාලගුණික තත්වයට මෙය පෙර නිමිත්තක් බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම වසරේ මාර්තු මස 1 වැනිදා සිට ජූනි මස 18 දක්වා කාලයේදී ඉන්දියාව තුළ දැඩි උෂ්ණත්වය හේතුවෙන් මරණ 110 ක් සිදුව ඇති බවත් 40,000 කට වඩා වැඩි පිරිසක් දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර වී ඇති බවයි.

එසේම ග්‍රීසියේ පසුගිය සති කීපයේදී දැඩි උෂ්ණත්වය උෂ්ණත්වය හේතුවෙන් සංචාරකයින් 5 දෙනකු මියගොස් ඇති බවත්, ඒ අතර මාධ්‍යවේදියකුද සිටින බවත්, විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නා.

එසේම හජ් වන්දනාකරුවන් 1,081 දැඩි උෂ්ණත්වය හේතුවෙන් මියගොස් ඇති බවත් ඉන් 658ක් ඊජිප්තු ජාතිකයන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හජ් වන්දනා සමයේදී මෙකාහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 52ක් ලෙස වාර්තාවූ බවද ඔහු පැවැසුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සර්බියාවේ අගනුවර බෙල්ග්‍රේඩ්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් ලෙස වාර්තා වූ බවත් දැඩි උෂ්ණත්වය හේතුවෙන් හෘද හා නිදන්ගත රෝග තත්වයන් උත්සන්න වීම හේතුවෙන් එක් රාත්‍රියකට රෝගීන් 109 දෙනෙකුට ප්‍රතිකාර කිරීමට සිදුවූ බවයි.

මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 100 කට දැඩි උෂ්ණත්වයෙන් ආරක්ෂා වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් ලොව පුරා හටගෙන ඇති දැඩි උෂ්ණත්වය දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.