Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ මත් පැන් විෂ වී 34ක් මරුට! 100කට අධික පිරිසක් රෝහලට!

2 years ago

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කල්කුරිචි දිස්ත්‍රික්කයෙ නීතිවිරෝධී ලෙස පෙරන ලද විෂ සහිත මත්පැන් පානය කිරීම නිසා පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් 100කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

රෝහල්ගත කළ පිරිසද ක්ලාන්තය, වමනය, බඩේ කැක්කුම සහ පාචනය වැනි රෝගාබාධ මතුවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙම සිදුවීමට අදාලව  මේ වන විට පු​ද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නොසැලකිලිමත්කම හේතුවෙන් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ද වැඩ තහනම් කර ඇති බවයි වාර්තා ​වේ

සිදුවීම පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් මිලියනක් ස​හ රෝහල් ගත කළ පුද්ගලයින් හට රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ලබා දීමට නිර්දේශ කරන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් පවසනවා.