මේ වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර, ඇමෙරිකාවේ
වොෂින්ටන් නුවර පැවැත්වෙන ඊට අදාළ සාකච්ඡා සඳහා මේ දිනවල රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහභාගි
වී සිටින බවක් දැනගන්නට තිබේ.
ඒ අනුව, මෙම සාකච්ඡාවලදී බොහෝ දුරට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවසන් ගිවිසුම්වලට
අත්සන් තැබීම ඉදිරි දින කිහිපයේදී සිදු කෙරෙනු ඇති බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
රජය ආපේක්ෂා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාව බංකොලොත් බවින් මිදීම පිළිබඳ නිල නිවේදනය ජූනි 27 වෙනිදා නිකුත් කෙරෙනු ඇති බවයි.
එම පුවත ලැබීමත් සමඟ රට පුරා සියලුම නගරයන්හි රතිඤ්ඤා දල්වමින්, කිරිබත් බෙදමින් එහි සතුට සැමරීමට ආණ්ඩුවට සම්බන්ධ පිරිස් මේ වන විටත් සැලසුම් කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
මෙම නිල නිවේදනය ලැබීමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජනාධිපතිවරණ මෙහෙයුම ආරම්භ කිරීමට සූදානම් බව සඳහන්.
ඒ අනුව ඔහු බංකොලොත් භාවයකට පත් වූ රටක් කෙටිම කාලයකින් මුදා ගත් රජ්‍ය නායකයා ලෙස සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය මෙහෙයවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.


