ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බව ඩේලි මිරර් වාර්තා කරනවා.
පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හේතුවෙන් කුරුළු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය විය හැකියි.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද සහ උප ප්‍රභේද කීපයක් පවතිනවා.
මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා ඒ (එච්.9.එන්.2) වෛරසය අසාදනය දෙවැනි රෝගියා ලෙස සඳහන්.
කෙසේවෙතත්, මෙතෙක් වාර්තා වූ සියලුම කුරුළු උණ රෝගීන්ට සතුන් හේතුවෙන් එම රෝගය ආසාදනය වී ඇති අතර මෙතෙක් කුරුළු උණ මිනිසුන්ගෙන් මිනිසුන් ආසාදනය වන බවට කිසිඳු සාක්ෂියක් හමුවී නැහැ.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කළේ, වත්මන් තත්වය මත ශ්‍රී එච්5, එච්7 සහ එච්9 ආසාදනය වූ කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට මෙන්ම කුරුළු උණ රෝගය පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරන රෝහල්වල සැකසහිත කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවයි.
මිනිසුන්ට කුරුළු උණ රෝගය ආසාදනය වීම දුර්ලභවුවත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට අවදානමක් තිබෙන බවද වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
රෝගය ආසාදනය වීමෙන් වැළකීමට සතුන් සමඟ ගැවසෙන පුද්ගලයන් නිතරම දෑත් සබන් යොදා සෝදන ලෙසත් ආරක්ෂක උපකරණ පළඳින ලෙසත් උපදෙස් ලබා දී තිබෙන බව වෛද්‍ය ජූඩ් ජයමහ තවදුරටත් පවසා තිබෙනවා.
