Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිරිඳ සොහොනට ගෙනගොස් ගිනි තබා මැරූ ස්වාමියාට දුන් දඬුවම

2 years ago

වසර 9කට ඉහතදී එනම් 2015 ජූනි මාසයේ පවුල් ආරවුලක් මත සැමියකු විසින් තම බිරිද සොහොනක් වෙත ගෙනගොස් එහිදී පෙට්‍රල් හලා ගිණි තබා ඝාතනය කිරීමට අදාල නඩුවේ වරදකරුට යාපනය මහාධිකරණය විසින් ඊයේ (20) මරණ දඬුවම නියම කර ඇත.

එම ඝාතනයෙන් පසුව පොලිසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු වසර 02ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වී සිට ඇත.

පසුව යාපනය මහාධිකරණයේදී වසර තුනක් පුරාවට පැවති නඩු විභාගයකින් පසුව යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමකුමාර් විසින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.

සැකකාර සැමියාට එරෙහිව පොලීසිය විසින් ගොණු කර තිබූ සියලුම චෝදනා පැහැදිලිව සනාථ වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කි නොතිබුණද විද්‍යාත්මක සාක්ෂි මත මෙම නඩුව පවත්වාගෙන ගිය බව වාර්තා වේ.