Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වන්දනා ගමන අවමඟුලකින් කෙළවර වෙයි! රිය අනතුරකින් මව හා දියණිය මරුට!

2 years ago

නුරාධපුර වන්දනාවේ යමින් සිටි ත්‍රීරෝද රථයක් දඹුල්ල ප්‍රදේශයේ සිට මහනුවර දෙසට ගමන් කළ බස් රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් එකම පවුලේ මව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතලේ පළාපත්වල, කිරුළුගම ප්‍රදේශයේදී ඊයේ(22) මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී එකම පවුලේ මව, පියා, පුතා හා දියණිය ත්‍රීරෝද රථයේ සිට ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ 54 හැවිරිදි මව සහ 17 හැවිරිදි දියණිය බවත් සඳහන්.

අනතුරින් තුවාල ලැබූ පියා හා පුත්‍රයා මාතලේ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මාතලේ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.