Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොර බඩු ගෙන එන්නේ යැයි සැකයකට ඇමතිවරයෙකුව හා දියණියව කටුනායකදී දැඩි සෝදිසියකට ලක් කරයි

2 years ago

නීති විරෝධී භාණ්ඩ ගෙන එන්නේ යැයි ලද තොරතුරකට මත අමාත්‍යවරයකු හා ඔහුගේ දියණිය කටුනායක ගුවන්තොටුපළේදී පසුගිය දිනෙක රේගු නිලධාරීන් විසින් සෝදිසි කිරීමකට ලක් කර ඇත.

නමුත් එම තොරතුරු ඔප්පුවීමට තරම් කිසිදු සාක්ෂියක් ඔවුන්ගේ ගමන් බෑග වලින් හමු වී නැත.

ඇමරිකාවේ සිට තම දියණිද සමඟ ලංකාවට පැමිණි කැබිනට් අමාත්‍යවරයෙකු මෙම සිදුවීමට මුහුණ දී තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු අදාළ අමාත්‍යවරයා ඒ පිළිබඳව වැඩිදුර සොයා ඇත.

එහිදී තොරතුර ලබා දී ඇත්තේ අදාළ ගුවන් යානයෙන්ම පැමිණි භාණ්ඩාගාර නිලධාරියකු බවද හෙළිවී ඇත.

අසත්‍ය තොරතුරු ලබාදීම මත මෙම නිලධාරියාට චෝදනා එල්ල වෙමින් ඇති අතර නිසා තොරතුරු නොමැතිව පරීක්ෂා කිරීමට ලක් කිරීම මත රේගු නිලධාරීන්ටද චෝදනා එල්ල වෙමින් තිබේ. (source – lankacnews)