2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ විභාගය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමට අවස්ථාව පවතිනවා.
ඒ අනුව ජාත්‍යන්තර පාසල් සිසුන් හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව පාසල් හැර ගිය සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ උසස් පෙළ විභාගය සඳහා අයදුම් කළ හැකියි.
12 ශ්‍රේණියේ සිසුන්ද උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමේ ප්‍රවණතාවයක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
එම නිසා සියලුම දෙනාට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් පාසල් පද්ධතිය බිඳ වැටීමේ අවධානයක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මීට පෙර අවස්ථාවල දී වෙනත් ශ්‍රේණිවල සිසුන්ට ද මෙම විභාගය සඳහා පෙනී සිටිමට අවස්ථාව ලබා දුන් බව නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා පැවසීය.
මේ අතර 2024 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.


