Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනසක්

2 years ago

සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ සිසුවෙකුට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ සිසුවෙකුට රැකියා වෙළෙඳපොළ තුළ වැඩි ඉල්ලුමක් හිමිව ඇති බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රියාවලිය තවමත් යාවත්කාලීන නොවීම නිසා මෙවැනි තත්ත්වයක් හටගෙන ඇති බවයි.

කොළඹ බණ්ඩාර නායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ඉන්ඩස්ට්‍රී එක්ස්ෆෝ – 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට ඊයේ (23) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.