Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිනිසුන් මියැදෙන විට එය වැළකීමේ විප්ලවීය අභියෝගය භාරගත්තේ ජනපති රනිල් පමණයි

2 years ago

රට කඩාගෙන වැටුණු මොහොතේ මිනිසුන් මියැදීම වැළකීමේ විප්ලවීය අභියෝගය භාර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මන්ත්‍රී පිරිස වන බවත් මිනිසුන් මියැදෙන දෙස බලමින් රට වට්ටමු, රටට සල්ලි එවන්න එපා යැයි කී කිසිවෙකු සැබෑ විප්ලවවාදීන් නොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නායාක්කාර මහතා ‘ජයගමු ශ්‍රී ලංකා අම්පාරට’ දෙවැනි දින ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට අද (23) සහභාගි වෙමින් පැවසුවා.

අතීතයේ උතුරේත් දකුණේත් තරුණ තරුණියන්ගේ අරමුණු වැරදි දිසාවන්ට යොමු වීමෙන් රට කඩා වැටුණු අතර තරුණ ජවය හරි දිසාවට යොමු කිරීමේ අපේක්ෂාව තමන්ට ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“රටේ ඉස්සරහට යනකොට චේ, ලෙනින්, ලිබරල්වාදය, මාක්ස්වාදය හැමදේම අපි කියවන්න ඕන. එතකොට තමයි හරි දේ අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ. සමහරු ‘දාස් කැපිටාල්’ වගේ දෙයක් කියෙව්වම රතු පාට ඇඳගෙන වෙනස්ම විදිහට හිතනවා. හැබැයි ලෝකේ දකින්න නම් උතුර, දකුණ, නැගෙනහිර, වම දකුණ සියල්ල හොඳට කියවලා ඉන්න ඕන.

චේ කියන්නේ විප්ලවවාදියෙක්. ඒ නිසයි ඔහුව කියවන අදහන තරුණ පරපුරක් ඉන්නේ. විප්ලවවාදියෙකුට තියෙන්න ඕන හොඳම ගුණාංගය මොකක්ද කියලා චේගෙන් මාධ්‍යවේදියෙක් අහනවා. චේ කියනවා ‘ආදරය’ කියලා. විප්ලවවාදියාගේ පිළිතුර ආදරය. ඔහු එහෙම මනසක් තිබුණ පුද්ගලයෙක්. සැබෑ විප්ලවවාදියෙකුට මග පෙන්වන්නේ ආදරයේ උසස් හැඟීම්.

මනුෂ්‍යත්වයේ යුක්තියේ, සත්‍යයේ ආදරණීය හැඟීම්. මේ ගුණාංග නැතිව විප්ලවවාදියෙක් ගොඩනැගෙන්නේ නෑ. විප්ලවවාදියෙකුට කට්ටියට වෙඩි තියන්න වුවත් මොළය හදන්න පුළුවන්. එතකොට ආදරය කියන උසස් හැඟීම කියන්නේ මොකක්ද? ලෝකය වෙනස් කරන්න පුළුවන් සත්‍යය සහ කොන්දේසි විරහිත ආදරයයි. චේ ගුවේරා එහෙම කියනකොට අපේ ගම්වල හැදුනේ තුවක්කු අතට අරන් වෙඩි තියන පිරිසක්. ඒ අයට තමයි අපි ‘චේ ගුවේරා කාරයෝ’ කියලා කිව්වේ ඒ කාලේ.

අපේ රට වැටුනා, කඩාගෙන වැටුනා. රට ආපස්සට ගියා. පෝලිම්වල මිනිස්සු මැරුණා. අපි සැබෑ විප්ලවවාදීන් නම් කරන්න ඕනේ මිනිස්සු මැරෙන එක නවත්තන එක. ඒ අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමයි. මිනිස්සුන්ගේ වේදනාව, දුක දැකලා අභියෝග භාරගත්තේ. සැබෑ විප්ලවවාදීන් තමයි අභියෝග භාර අරගෙන මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියේ. මිනිස්සු ගැන ආදරේ නැති, මිනිස්සු මැරෙන හැටි බලාගෙන හිටි අය, මිනිස්සු මැරෙද්දි රට වට්ටමු, රටට සල්ලි එවන්න එපා කියපු අය ඇත්තටම විප්ලවාදීන්ද? ඇත්තටම මිනිස්සුන්ට ආදරේද?

2015දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ගීය දෙමළෙන් ගයන තීන්දුව ගද්දි ගොඩක් අය බැන්නා. එහෙම තීරණය කළේ අපේ රට ජයගන්න, රටේ අය අතරේ සහෝදරත්වය හදන්න. එහෙම නොවුණා නම් අපිට අද මෙහෙම සතුටු වෙන්න බෑ. ඒක එදා පුංචි තීන්දුවක් වුණාට අද ලොකු තීන්දුවක් රටේ සමගිය හදන්න. මේ රට නිදහස ලබපු දවසේ ඉඳලම එක එක ඒවා කියලා බිල්ලෝ මවලා, ආපස්සට යැව්වේ මේ රටේ ආර්ථික ඝාතකයෝ.