තලාවේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ එප්පාවල මැඩියාව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
අනතුරින් තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බවද වාර්තා වෙනවා.
පොලීසිය සඳහන් කළේ අනුරාධපුර පාදෙණිය ප්රධාන මාර්ගයේ තලාව ප්රදේශයේ දී ත්රි රෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
රත්නපුරයේ සිට යාපනයට විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන් ගත් බස් රථයක් හා අනුරාධපුර පොසොන් උදානයට සහභාගිවී නිවෙස් බලා එමින් සිටි තරුණයින් සිව්දෙනෙකු ගමන් කරමිනි සිටි ත්රි රෝද රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව පොලීසිය තවදුරටත් සඳහන් කළා.
බස් රථ රියදුරා පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.


