ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
එදින ජාතිය අමතමින් රට බංකොලොත් බවින් මුදාගත් බවට ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
මේ වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇත.
ඒ අනුව, ඉතා ඉක්මනින්ම විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවසන් ගිවිසුම්වලට අස්සන් තැබීම සිදුකෙරෙනු ඇති බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුව මත ලබන 26 වැනිදා ජාතිය අමතා රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.


