Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉවතලන පොල් කට්ට ධන උල්පතක්! පොල් සංවර්ධන අධිකාරියෙන් ජනතාවට දැනුම්දීමක්!

2 years ago

පොල් කටු අපනයනය කිරීමෙන් පමණක් මෙරටට වසරකට ඩොලර් මිලියන 300ක ආදායමක් ලැබෙන බව  පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කර සිටියේ පොල් කටුවලින් චාකෝල් නිෂ්පාදනය කර සක්‍රිය කාබන් ලෙස අපනයනය කෙරෙන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොල් කටු වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට බවයි.

සක්‍රීය කාබන් නිෂ්පාදනය සඳහා මිලදී ගන්නා පොල් කටු කිලෝවක් රුපියල් තිස් හයක් වැනි ඉහළ මිලකට මිලදී ගනී.

පොල් කටු සඳහා විදේශ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් පොල් කටු විනාශ නොකර ඒවා ආදායම් උපයාගත හැකි මාර්ගයක් ලෙස භාවිතා කරන ලෙස පොල් සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.