Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිරායුධ වැසියෙකුගේ දත් කැඩෙන්න පහර දුන් පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් දඬුවම්

2 years ago

2010 ජනාධිපතිවරණය සමයේ දී, සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූ හක්මන එක්සත් ජාතික පක්ෂ සංවිධායකට පහර දීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එකී අමානුෂික පහර දීම සිද්ධ කළ හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

ඊට අමතරව, වින්දිතයාට, රජය තවත් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

නිරායුධ පුරවැසියෙකුගේ දත් කැඩෙන්න පහර දීම සම්බන්ධයෙන් ඔහුටයි චෝදනා එල්ල වී තිබුණි.