Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රේම සම්බන්ධය නතර නොකළාට උරණ වී පෙම්වතියගේ ඥාතීන් පාසල් සිසුවාගේ අත කපලා

2 years ago

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් තරුණයෙකුගේ අත කපා දැමීමේ පුවතක් කිලිනොච්චිය පොලිස් වසමේ විනායගපුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ප්‍රේම සම්බන්ධයක් නතර නොකිරීම නිසා කෝපයට පත් 17 හැවිරිදි පාසල් සිසුවියකගේ ඥාතීන් විසින් කිලිනොච්චියේ, විනයාගපුරම් ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවෙකුගේ අතක් මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (23) උදෑසන මෙම සිද්ධිය වී ඇති අතර ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අදාල තරුණයාව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිළිනොච්චිය පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.