Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රී මහින්දානන්ද රාජපක්ෂගේ පුතාගෙන් ලක්ෂ 5000ක වන්දියක් ඉල්ලයි

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගේ පුත් නිලුපුල් රාජපක්ෂගෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි ලෙස ඉල්ලා එන්තර වාසියක් යොමු කර තිබෙනවා.

ඒ තමන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දුන් බවට ඔහු මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශ මුල් ල්කර ගනිමින්.

එම ප්‍රකාශය මගින් තම කීර්ති නාමයට හානියක් සිදුව ඇති බවයි ඔහු දැනුම්දෙන්නේ.

ඒ අනුව දින 14ක් ඇතුළත අදාළ මුදල නොගෙවුව හොත් නඩු පවරන බවට ඔහු එම එන්තර වාසියෙන් දැනුම් දී තිබෙනවා.

පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව තමන්ට පහරදුන් බවට පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යුද හමුදා රෝහලට ඇතුළත් වී තිබුණා.

ඔහුව එහිදී ශල්‍යකර්මයකටද භාජනය කෙරිණි.