Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැකෝ යන්ත්‍රයක් රියදුරු සමඟ පෙරළී යයි

2 years ago

බලංගොඩ මැද්දේ කන්ද ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයක් පෙරළීමෙන් ඊයේ(23) සිදුවූ අනතුරකින් බැකෝ යන්ත්‍රයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අදාළ බැකෝ යන්ත්‍රය ලොරියකට පටවා පිටත් වූ අවස්ථාවේ කන්දක් සහිත මාර්ගයක ගමන් කිරීමේදී ලොරිය පසූ පස්සට ධාවනය වී ඇත.

එහිදී ලොරි රථයට පටවා තිබූ බැකෝ යන්ත්‍රය රියදුරු සමග ලිස්සා ගොස් පෙරළී එම අනතුර සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධව බලංගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.