Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොවම පුදුම කරමින් චීනය මීටර් 200ක් ඉහළ අහසේ පාපන්දු ක්‍රීඩා පිටියක් නිර්මාණය කරයි

2 years ago

ලෝකයම පුදුම කරවමින් චීනය, මීටර් 200ක් පමණ ඉහළ අහසේ පාපන්දු පිටියකට සමාන ක්‍රීඩා පිටියක් ඉදි කර තිබෙනවා.

නැගෙනහිර චීනයට අයත් Zhejiang පළාතේ, Yongkang නගරය ආසන්නයේ මෙය පිහිටා ඇත.

Zhejiang පළාතට ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇතිකර ගැනීමේ අරමුණින් මෙය නිර්මාණය කර තිබෙනවා.

කඳු දෙකක් යාකරමින් වර්ග මීටර් 1,500ක පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙය සම්පූර්ණයෙන්ම කේබල්වලින් එල්ලා තිබේ.

මෙම ක්‍රීඩා පිටිය සැලකෙන්නේ ගුවනේ ඉකළ ලොව විශාලතම ක්‍රීඩා පිටිය ලෙසයි.

මෙහි පැති තීරුවේ පුද්ගලයෙකුගේ උසට සමාන තවත් දැලකින් (රතුපාටින් දිස්වෙන) වටකර තිබෙනවා.

ඒ හේතුවෙන් කිසිඳු බියකින් තොරව ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බවයි නිර්මාණකරුවන් පවසන්නේ.

කිලෝග්‍රෑම් 90 හෝ ඊට අඩු බරක් ඇති අයට මෙහි යාමට අවසර දී ඇත.

එවැනි බර ඇති උපරිම පුද්ගලයින් 50කට මෙම එල්ලෙන ක්‍රීඩා පිටියේ එකවර රැඳී සිටීමට අවස්ථාව ඇත.

මෙම එල්ලෙන ක්‍රීඩාංගණයට යාමට කුඩා පාලමක් හරහා යා යුතු අතර, එයද දැලකින්ම සකසා තිබේ.

මෙම ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලුම පියවර ගෙන ඇති බවයි නිර්මාණකරුවන් පවසන්නේ.

මෙහි ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය වන්නේ නිර්භීත හදවතක් පමණක් බවයි ඔවුන් පවසන්නේ.