Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී නාවික සෙබළෙක් මරුට

2 years ago

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී යාත්‍රා දෙක අතරට වැටී තුවාල ලැබූ නාවික හමුදා සෙබළා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.