චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගෙන එම මුදල ලබා නොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලීසියේ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහේස්ත්‍රාත්වරයා අදාල චෝදනාවන්ගෙන් සන්නස්ගල මුදා හැරීමට ඊයේ (24) නියම කර තිබෙනවා.
ඒ තමාගෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යාමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම්දීම සැලකිල්ලට ගනිමින්.
මහේස්ත්‍රාත්වරයා කඳාන පොලිසියෙන් එම අවස්ථාවේදී ප්‍රශ්න කරනු ලැබ සිටියේ වරදක් සංස්ථාපනය නොවන අවස්තාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි යනුවෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ(24) ක්ඳ වූ අවස්ථාවේ උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් කරුණු දක්වමින් අදාල මුදල් තම සේවාදායකයා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් ගෙවූ රිසිට් පත්ද අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කෙටුම්පත් කළ සියලු චෝදනාවන්ගෙන් සන්නස්ගල මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.


