Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

තරුණයන් පිරිසක් අනීතිකව අත්අඩංගුවට ගෙන අමානුෂික වද දුන් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පිරිසකට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වෙයි

2 years ago

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකු ඇතුළුව තරුණයන් පස් දෙනෙකු අමානුෂික වදබන්ධනයට ලක් කිරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු එම පොලිසියේ නිළධාරීන් තිදෙනෙකුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඔවුන් තිදෙනා වරදකරුවන් වී ඇති අතර, එක් අයෙකුට වසර හත බැගින් වූ සිරදඩුවමක් සහ සියලු දෙනා එක්ව අගතියට පත් තරුණයන් වෙනුවෙන් ලක්ෂ පහළොවක වන්දි මුදලක් ගෙවීමටත් එකී පොලිස් නිළධාරීන්ට සිදුව තිබේ.

මෙම නඩු තීන්දුව ලබා දී ඇත්තේ, මාතර මහාධිකරණය මගිනි.

මෙම නඩුවට අදාල සිද්ධිය සිද්ධ වී තිබෙන්නේ 2005 වසරේ දී ය.

තිස්සමහාරාමය ප්‍රදේශයේ හෝටලයකට කඩා වැදී අදාල පොලිස් නිළධාරීන් පිරිස මෙම තරුණයන් අනීතිකව අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව පොලිස් ස්ථානයට රැගෙන විත්, ඔවුන් අමානුෂික වද බන්ධනයට ලක් කර තිබේ.

වද දීමේ දී පෙට්‍රල් මිශ්‍ර පොලිතීන් මළු යොදා ගනිමින් එකී පොලිස් පිරිස මෙම තරුණයන්ගේ මුහුණු ආවරණය කර තිබෙන බවද පැවසේ.