Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොල්මන් මන්දිරයේ යකාට සිටි 13 හැවිරිදි සිසුවාට රෝහල් ගත වෙන්නම පහරදීලා! සිසුවාගේ රංගනයට මත් ලෝලීන් තිදෙනෙක් බිය වෙලා!

2 years ago

පොසොන් උත්සවය නිමිත්තෙන් කුඩා ළමුන් පිරිසක් එක්ව පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළුවූ පුද්ගලයන් තිදෙනෙකු එහි යක්ෂයෙකු ලෙසින් පෙනී සිටී 13 හැවිරිදි පාසල් සිසුවෙකුට රෝහල් ගතවෙන්නම පහරදුන් පුවතක් කළුතර පැල්පොල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස පහරකා රෝහල් ගතකර ඇත්තේ, කළුතර උතුර පැල්පොල තොටුපළ පාරේ පදිංචි පාසල් සිසුවෙකි.

ප්‍රදේශයේ කුඩා ළමුන් පිරිසක් එක්ව මෙම හොල්මන් මන්දිරය සකස් කර ප්‍රදර්ශනය කර තිබේ.

ඒ අනුව තුන්වන දින රාත්‍රී ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙක් මෙම පහරදීම කර ඇත.

එම අවස්ථාවේ එම පුද්ගලයන් බීමතින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

පහරකා රෝහල් ගතකර සිටින ළමයා යක්ෂයෙකු ලෙසින් ඔවුන් ඉදිරියට කඩාපැන ඇති අතර, එහිදී උරණ වූ තිදෙනා යක්ෂයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී ඇති බව සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.