Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුකුල් චමින්ද තවත් පන්නයේ තවත් පියෙක් හමුවෙයි! මවගේ රැකවරණයද නොමැති හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදුකාරක පොවන්න හදලා!

2 years ago

තම දියණියට වැසිකිලි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත් කළ පියෙකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට විදේශගතව සිටින බිරිඳ මුදල් නොඑවීම හේතුවෙන් කෝපයට පත්ව බිරිඳව බිය වැද්දවීමට මෙලෙස සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ හුංගම, බටඅත ප්‍රදේශයේ පදිංචි සැකකාර පියා විසින් තම වයස අවුරුදු 06ක දියණියට මෙලෙස වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට උත්සාහ කර ඇති බවයි.

දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (25) අඟුණුකොළපැලැස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.