Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීනයේ පුද්ගලයින් 71 දෙනෙක් ගංවතුරට බිලි වෙයි

2 years ago

චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ දකුණු ප්‍රදේශයට දින කිහිපයක සිට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින අතර එම නිසාවෙන් ප්‍රදේශ රැසක ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් සිදුවී ඇති බව වාර්තා වී තිබෙනවා.

චීනයේ හුනාන් පළාතට ගංවතුරෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති අතර නිවාස දහස් ගණනක් විනාශවී ඇතැයි ද සඳහන්.

මේ වන විට පුද්ගලයින් ලක්ෂයකට අධික ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවද සඳහන්.