මුලතිව් – මාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.
අනතුර සිදුව ඇත්තේ දෝෂයක් හට ගැනීම හේතුවෙන් මාර්ගය අයිනේ නවතා තිබූ යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථයක එම දෙසටම පැමිණි ලොරි රථයක් ගැටීම හේතුවෙන් බව සඳහන්.
එම අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ එහි සිටි මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිට ඇත.
ලොරි රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී තිදෙනෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


